User Manual >
English
පරිශීලක මාර්ගෝපදේශය
උදව් >
සිංහල, ස්වයං පරිවර්තනය
කඩිනම් උපකාර
විධාන ලබාදීම
- පුවරුවේ බොහෝ යතුරු මඳ වේලාවක් ඔබාගෙන සිටීමෙන් එම යතුරු වලට අදාලව අමතර විකල්ප ඇතිනම් එවා තිරයේ දිස්වේ.
- එකම යතුර නැවත නැවත එබීමෙන් එම යතුරට අදාල අනෙකුත් විධානයන් තෝරාගත හැකිය (උදා: x->y->z).
- e යතුර ඔබාගෙන සිටීමෙන් බහුවලයික ශ්‍රිත වෙත පිවිසිය හැකිය.
- π යතුර ඔබාගෙන සිටීමෙන් ත්‍රිකෝණමිතික ශ්‍රිත වෙත පිවිසිය හැකි.
- ඉහළ දකුණුපස කෙළවරේ ඇති C යතුර ඔබාගෙන සිටීමෙන් ලබාදුන් සියලු ප්‍රකාශයන් ඉවත්වේ.
- ප්‍රතිඵල ලබාගැනිමට = හෝ ↵ යතුර භාවිත නොකරන්න. ප්රකාශනය අවසානයෙදී ප්‍රතිඵලය ස්වයන්ක්‍රීයව ලැබෙනු ඇත.
යතුරුපුවරු සටහන
ප්‍රස්තාර
- x ට අදාළ ශ්‍රිතය ඇතුළු කරන්න, උ.දා. sin x.
- ↵ යතුර භාවිතාකර ශ්‍රිත එකට වඩා වැඩි සංඛ්‍යාවක් ඇතුළු කළ හැකිය. එක් පෙළකට එක් ශ්‍රිතය බැගින් ඇතුළු කරන්න.
- ප්‍රස්තාරය දෙපසට ඇදීමෙන් එම ප්‍රස්තාරය වැඩිදුර බලාගත හැකිය.
- ප්‍රස්තාරය එබීමෙන් එය සමීප දුරස්ථ කර බැලීම හැසිරවිය හැකිය.
- y අක්ෂය සළකුනු කර එය ඔබාගෙන වම් හෝ දකුණු පසට ඇදීමෙන් ප්‍රස්තාරයේ අනුරේඛ රේඛාව දිස්වේ.
- අනුරේඛ රේඛාව එබීමෙන් ශ්‍රිතයේ ඛණ්ඩාංක සහ අනුක්රමණයන් දැකගත හැකිය.
- කතිර කොටුව සළකුණු කිරීමෙන් අදාල ශ්‍රිතයේ මූලය සහ අවධි ලක්ෂ්‍ය දැකිය හැකිය.
වගුව
- ප්‍රස්තාරයේ ප්රකාශනය වගුවෙහි දැක්වේ.
- ශ්‍රිත එකකට වඩා අතුළු කරන්නේ නම් ↵ යතුර භාවිතා කරන්න. එක් පෙළකට එක් ශ්‍රිතය බැගින් ඇතුළු කරන්න.
- වගුව දෙපසට ඇදීමෙන් වැඩි විස්තර දැකිය හැකිය.
- ප්‍රස්තාරය එබීමෙන් එය සමීප දුරස්ථ කර බැලීම හැසිරවිය හැකිය. එමඟින් x හි තලය වෙනස්කළ හැකිය .
- සිරස් රේඛා වැඩිදුර ඇදිමෙන් තීරුවල පළල සහ නිරවද්‍යතාවය වෙනස් කළ හැකිය.